නවතම ප්‍රවෘත්ති

එජාපය මැතිවරණවලින් පැනලා යන පක්ෂයක් නෙවෙයි – සභා නායක ඇමති කිරිඇල්ල

ඕනෑම මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය සුදානම් බවත් එය කිසිම විටක මැතිවරණවලින් පැන යන පක්ෂයක් නොවන බවත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. එසේම පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්ථාවට කථානායකවරයා පත් කළ කමිටුවේ අනුමැතියට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  කැමැත්තද ලබා ගත යුතු බවද ඒ මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ මහනුවර පුපුරැස්ස ලෙවලන් වතුයායේ  වතුකම්කරු පවුල් සදහා පර්චස් 7ක ඉඩමක අයිතිය ලබාදීමේ හරිත භුමි, වැඩසටහන් මාලාවේ තෙවන අදියරට ඊයේ (28)  එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා පැවසුවේ පළාත් සභා සීමා නිර්ණයේ ගැටඵ නිසා සියඵ පක්ෂ එක්ව එම වාර්තාව ප්‍රතික්ෂේප කළ බවයි.