News

එජාපය විජාතික බලවේග ඉදිරියේ දණ ගැසු බව නිමල් කියයි

ජාත්‍යන්තරයේ සහාය ඉතා හොඳින් ලැබෙන නමුත් වත්මන් රජය ජාත්‍යන්තරයට කිසිසේත්ම ගැති වන්නේ නොමැති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ රජය ජාත්‍යන්තරයට යට වු බවත් විජාතික බලවේග ඉදිරියේ දණ ගැසු බවත් අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.

වත්මන් රජය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තරය ඉදිරියේ හෝ රාජ්‍ය නොවන සංවිධාන ඉදිරියේ හෝ විදේශික බලවේගයන් ඉදිරියේ හිස නමන්නේ නොමැති බවද අමාත්‍යරයා අවධාරණය කරයි.

අමාත්‍යරයා මෙම අදහස් පළ කළේ වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමිනි.