News

එජාපෙ නායකයින් සමග පැවැත්වූ සාකච්ඡා අතිසාර්ථකයි – සජිත්

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සමග පැවැත්වූ සාකච්ඡා අතිසාර්ථක වූ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාව ඊයේ පවත්වා ඇත.

ඒ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේදී වන අතර එහිදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය විසින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.