News

එජාප අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා සම්බන්ධන් අතර හමුවක්

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් ඊයේ (15)කොළඹ පිහිටි ආර්.සම්බන්ධන් මහතාගේ නිවසේ දී සිදුව ඇත.

එයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය මංගල සමරවීර, මලික් සමරවික්‍රම, රාජිත සේනාරත්න යන මහත්වරුන් තමන් සමඟ සාකච්ඡා කළ බව ආර්.සම්බන්ධන් මහතා සදහන් කළේය.

දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ද මෙම හමුවට එක්ව ඇති අතර එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බවත් එයට දෙමළ ජාතික සන්ධානයේ ද සහය ඉල්ලා සිටි බවත් ආර්. සම්බන්ධන් මහතා සඳහන් කළේය.