Update : එ.ජා.පයේ නව සන්ධාන යෝජනාව ප්‍රතික්ෂේප වෙයි
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී නව සන්ධානය පිහිටුවීමේ කෙටුම්පත පිළිබද එකගතාවකින් තොරව අවසන් වී තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යධිකාරි මණ්ඩල අරලියගහ මන්දිරයේදී අද උදෑසන රැස්විය.
‘ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ’ නමින් නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාව හේතුවෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උණුසුම් තත්ත්වයක් ද ගෙන තිබේ.
Update : 2.00pm
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වනවිට අරලිය ගහ මන්දිරයේදී ආරම්භ ඇත.
පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වෙන අතර මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයට අදාළව සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
