එජාප මන්ත්‍රිවරු රාජපක්ෂලාට විකිණෙනවා – බිමල්
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉදිරියේදී රාජපක්ෂවරුන්ට විකිණෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවසුවේ ජනතා ප්‍රශ්න මගහැර යන එක්සත් ජාතික පක්ෂය ජනතා අපේක්ෂා වෙනුවෙන් පෙනී නොසිටින බවයි.
ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපය තුල බල පොරයක් පවතින බවයි බිමල් රත්නායක මහතා සඳහන් කළේ.
