News

එජාප මන්ත්‍රී ශාන්ත සිසිර 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර මහතා අද (05) හලාවත මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

හලාවත මහාධිකරණයේ විභාගවන නඩුවක තෙවන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සාන්ත සිසිර කුමාර මහතා පත්ව ඇත.

ඒ 2004 වසරේ හලාවත දී නීතිවිරෝධි රැස්වීමක සමාජිකයෙකු වෙමින් ගිනිඅවි හා ජීව පතොරම් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ය.