නවතම ප්‍රවෘත්ති

එජාප සංවිධායෙකු නිසා කන්තලේ සැමට සෙවණ නවතියි

 

 

ප‍්‍රතිලාභීන් තේරීමේදී හා ණය පෝරම ලබා දීමේදී එජාප ආසන සංවිධායකවරයෙකු ඒකපාක්ෂිකව කටයුතු  කිරීම නිසා කන්තලේ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ සැමට සෙවණ නිවාස ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමීමට ඊයේ 29 පැවති ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුව තීරණය කර තිබේ.

කන්තලේ ප‍්‍රාදේශීය ලේකම්කොට්ඨාශයේ වාන්ඇල, බටුකච්චිය හා රජවැවයන ග‍්‍රාම නිලධාරී වසම්වල ප‍්‍රතිලාභීන් තේරීමේදී මෙම ආසන සංවිධායකවරයා පක්ෂ පාට බලා පෝරම ලබාදීම හේතුවෙන් එම තීරණයට එළඹ තිබේ.

දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී සුසන්ත පුංචිනිලමේ මන්ත්‍රීවරයා අදහස් දක්වමින් එක්තරා ආසන සංවිධායකවරයෙකු තම අත්සනයොදා ගනිමින් නිවාස පෝරම ලබා දෙන බවත් ඉන්නුසුදුස්සන් ඉදිරිපත් වී ඇති බවත් පැවසීය. ඒ සමගම සභාව උණුසුම් වූ අතර එහිදි මොරවැව ප‍්‍රාදේශීය සභාවේ සභාපති පොල්හේන්ගොඩ උපරතනහිමිද මෙම ආසන සංවිධායකවරයාගේ ක‍්‍රියාව තරයේහෙළා දකිමින් අදහස් දැක්වීය.