එමිල් රංජන් ලබන මස 26 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට
හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා ලබන මස 26 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොලඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද ( 12) නියෝග කර ඇත.
2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ඝාතනය කළේ යැයි කියන සිද්ධියට අදාළව මොහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර අද නඩුව කැඳවු අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර ඇත.