එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙක් ලංකාවේදී අත්අඩංගුවට
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කළ ලාංකික පුද්ගලයෙකු අන්තවාදය ප්‍රචාරය කිරීමේ චෝදනාවට මාවනැල්ලේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට ගෙන තිබේ.
44 හැවිරිදි එම පුද්ගලයා මාවනැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශයේම පදිංචි කරුවෙකි.
පසුගිය දෙසැම්බර් 05 වන දා මොහු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මේ අතර අන්තවාදය ප්‍රචාරය කිරීමේ චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි තවත් අයෙකු ද ත්‍රස්ත විමර්ශන භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කර තිබේ. ඔහු කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අන්තවාදී මත දරමින් විවිධ ක්‍රියාකාරකම්වල නිරතවී තිබෙන බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් 2018 වසරේදී බෝම්බ පිපිරවීම් අත්හදා බැලීමකට ගොස් තුවාල ලබා සිටියදී ප්‍රතිකාර කර ඇත්තේ ඊයේ අත්අඩංගුවට ගත් එම සැකකරු බව හඳුනාගෙන තිබේ.