News

එල් ටි ටි වළදැමු ආයුධ සොයා ගෙවත්තක් හාරයි

එල් ටි ටි සංවිධානය ආයුධ හා රත්රන් වළදැමු බවට සැක සහිත මුලතිව්,පුදුකුඩිඉරිප්පු,මුංගිලාරු ප්‍රදේශයේ ඉඩමක් ඊයේ(08) හැරීම සිදුකළ බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත අදාළ ස්ථානය හැරීම සිදුකළ අතර, බැකෝ යන්ත්‍ර යොදාගෙන හැරීම් සිදුකළ බවයි.

පැය කිහිපයක් අදාළ ස්ථානයේ හැරීම් සිදුකළ නමුත් කිසිවක් හමුනොවු බැවින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ ස්ථානය වසා දැමු බවද පොලිසිය පැවසීය.

මීට පෙරද අවස්ථා කිහිපයදි පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක කැනීම් කළ නමුත් එල් ටි ටි සංවිධානය සැඟවු ආයුධ සොයා ගැනීමට නොහැකිවිණ.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය