News

එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (21) පස්වරු 4.00 ට රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි.

එහිදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සම්බන්ධ යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමට ද නියමිත බවට පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා.