එ.ජා.ප නව සන්ධානය අද කෘත්‍යාධිකාරී මණ්ඩලයට
එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය අද රැස්වීමට නියමිතය. එහිදී ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ නමින් පිහිටුවන නව දේශපාලන සන්ධානය ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට කටයුතු කරන බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
කෘත්‍යාධිකාරි මණ්ඩලය පිටකෝට්ටේ, සිරිකොත, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද පස්වරු 4 ට රැස්වීමට නියමිතය.