News

ඒකත් ජාතික ආණ්ඩුවක් වගේ තමයි – ඇමති අකිල

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ තවත් පක්ෂයක් සමග එක්ව ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට අවධානය යොමු වී ඇති බව එහි මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි අයවැයට පෙර පාර්ලිමේන්තුව තුළ 113 නිශ්චිතව තහවුරු කර ගැනීම සදහා තවත් අමාත්‍ය ධූර කිහිපයක් ලබාදී ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

ඇත්ත වශයෙන්ම අපි පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක් කියලා කියන්න බැහැ. අපිට දැන් පාර්ලිමේන්තුවේ 113කට අපිට බහුතරය පෙන්වන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් අපේ ආණ්ඩුවට සහයෝගය දෙන්න තීරණය කරලා තියෙනවා. අපිත් එක්ක වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුත් එකතුවෙන්න එකගතාවය පලකරලා තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා. ඒ මන්ත්‍රී ධූර අමාත්‍ය ධූර බවට පත්කරන්න. විශේෂයෙන්ම කැබිනට් අමාත්‍යධූර ප්‍රමාණය යම්තාක් දුරට වැඩිකරගන්න. අපි බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තුවේ තවත් පක්ෂයක් සමග සම්බන්ධවෙලා ඒ ජාතික ආණ්ඩුව වගේ තමයි ඒක. අපි බලාපොරොත්තුවෙන්නේ ජාතික ආණ්ඩුවකට වඩා ආණ්ඩුව ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න.