ඕමන්තේ ඉඩමකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි
වවුනියාව,ඕමන්ත,මාදර්පනික්ක මහිලන්කුලම,ප්‍රදේශයේ ගෙවත්තක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(20) සොයාගත් බව ඕමන්ත පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ ගෙහිමියා වගා කටයුතු වෙනුවෙන් ගෙවත්ත සකස් කරන අවස්ථාවේ අදාළ පුපුරණ ද්‍රව්‍ය තොගය හමුව ඇති අතර, අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කොට ඇති බවයි.
පොලිසිය පැවසුවේ පතුරම් මැගසින් තුනක්,අත්බෝම්බයක් හා පතුරම් මැගසින් රඳවනයක් අදාළ ස්ථානයේ මතුපිටින් දක්නට ලැබෙන බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය.
පොලිසිය පැවසුවේ හමුවු පුපුරණ ද්‍රව්‍ය ඉතා පැරණි තත්වයේ පවතින බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය
