ඕමාන් ගිය බදියුදීන් ලංකාවට
ඕමානයේ සංචාරයක නිරත වූ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලිනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඕමාන කර්මාන හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩ් මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ආයෝජන ප්‍රවර්ධන හා සුරක්ෂිත භාවය පිළිබඳ වන ගිවිසුම හා එහි අවසන් අදියරේ සැකැස්ම පිළීබඳ මෙහිදී අවධානය යොමු වූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය සදහන් කළ අතර ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ඕමාන රාජය නිරතුරුවම අවශ්‍ය උපකාර සිදු කරන බව ඕමාන කර්මාන හා වාණිජ කටයුතු අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇති බව වාර්තා වෙයි.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඕමාන සංචාරය සදහා පසුගිය 04 වනදා දිවයිනෙන් පිටත්ව ගිය අතර ඊයේ (07) දිනයේ ඔහු යලි දිවයිනට ළඟා වී ඇත.