News

ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳවයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් දේශීය ඖෂධ ආනයනකරුවන් සහ බෙදාහරින්නන් සතුව තිබෙන ඖෂධ තොග මිලදී ගැනීම සඳහා මිල ගණන් කැදවා ඇත.

අදාළ ටෙන්ඩරය මේ මස 15 වනදා පස්වරු 2ට විවෘත කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර ඇත.

මිල ගණන් කැදවීමට අදාළ සම්පූර්ණ නිවේදනයට අදාල සියලු තොරතුරු www.spc.lk වෙබ් අඩවියෙහි පළ කර ඇති බව සියලු සැපයුම්කරුවන්ට ලබා ගත හැකි බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.