News

ඖෂධ හිග මුදල් ගෙවීමට රජයෙන් බිලියන 10ක්

පසුගිය 2019 වසරේ ශ්‍රී ලංකාවට ගෙන්වූ ඖෂධවල හිග මුදල් ගෙවීම සඳහා රජය විසින් රුපියල් බිලියන 10ක් වෙන් කිරීමට තීරණය කර ඇත.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුවේ මේ වන විට පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කෙරේ.

ඒ අනුව කිසිදු හිගයකින් තොරව මෙරටට ඉදිරියේදී අවශ්‍ය ඖෂධ ගෙන්විය හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.