News

කටුනායකදී කෝටියකට අධික විදෙස් මුදල් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් එක්කෝටි හතලිස් නව ලක්ෂ දහසය දහස් අටසිය දොළහක් වටිනා විදෙස් මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපල පිටවීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඩුබායි රාජ්‍ය වෙත පිටව යාම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධිකාරී ලාල් වීරකෝන් කියා සිටි අතර සැකකරු සන්තකයේ තිබී සොයාගත් මුදල් අතර ඩොලර් 40,000 ක්, ඩිරාම් එක්ලක්ෂ 60,000 ක්ද වූ බවයි රේගුව කියා සඳහන් කරයි.