කටුනායක ගුවන්තොටුපොළේ පාලන හා සැපයුම් කළමනාකරු ජනපති කොමිසමට
මත්තල ගුවන්තොටුපොළේ වී ගබඩා කිරීමෙන් එහි තාක්ෂණික උපකරණවලට සිදු වූ හානිය සම්බන්ධයෙන් ගොනු කළ පැමිණිල්ලකට අදාළ ප්රකාශයක් ලබා දීමට කටුනායක ගුවන්තොටුපොළේ පාලන හා සැපයුම් කළමනාකරු රාජ්ය ආයතනවල සිදු වූ වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම හමුවට අද කැඳවා ඇත.
ඊට අදාළව මේ වන විට කොමිසමේ පොලිස් ඒකකය මත්තල ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවක් ද සිදු කර ඇති බව එම කොමිසම සඳහන් කළ අතර එහිදී හෙළි වී ඇත්තේ වී ගබඩා කිරීමෙන් ගුවන්තොටුපොළේ තාක්ෂණික උපකරණ රැසකට හානි සිදුව ඇති බවය.
වී ගබඩා කිරීමනිසා බෝ වූ මීයන් ගුවන්තොටුපොළේ ධාවන පථයේ විදුලි ලාම්පු රැසකට ද හානි සිදු කර ඇති බව එම නිරීක්ෂණ චාරිකාවේදී හෙළිව ඇති අතර 2015 වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2016 මාර්තු මාසය දක්වා කාලය තුළ රුපියල් 850000ක කුලියක් ගෙවා ගුවන්තොටුපොළේ එක් පර්යන්තයක වී ගබඩා කර ඇත.
