කටුනායක ගුවන් අංගණය ඉදිකරන ජපන් සමාගමට අවසන් දින දෙයි
කටුනායක ගුවන් තොටුපළේ නව ගුවන් යානා අංගණයේ ඉදිකිරීම් ඉදිරි මාස 03 ඇතුළත අවසන් නොකළහොත් ජපන් රජයට පැමිණිලි කර අසාදු ලේඛන ගත කරන බවට අදාළ ඉදිකිරීම් සමාගමට ඇමැති ප්‍රසන්න රණතුංග අනතුරු අඟවා තිබේ.
මෙම අංගණයේ ඉදිකිරීම් මැයි මස 31 වැනි දිනවන විට අනිවාර්යෙන්ම අවසන් කළ යුතු බව ද ඇමැතිවරයා එම සමාගමට පවසා ඇත.
ඔහු මෙලෙස පවසා ඇත්තේ පසුගිය දා (06 වැනිදා) කටුනායක ගුවන්තොටුපළේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සඳහා පැවැති විශේෂ සාකච්ඡාවකදීය.
මෙම ගුවන්යානා අංගණය ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 06ක් වෙන් කර ඇත.
අදාළ ජපන් සමාගමට මෙම කොන්ත්‍රාත්තුව පැවරී ඇත්තේ 2017 වසරේ අප්‍රේල් මාසයේය. 2019 ඔක්තෝබර් මාසයේ දී මෙහි ඉදිකිරීම් අවසන් කළ යුතුව තිබුණත් අවස්ථා 04 කදී මෙහි කාලය දීර්ඝ කර තිබේ.
එලෙස දීර්ඝ කර තිබූ කාලය ද පසුගිය පෙබරවාරි 28 වැනිදා අවසන් වුවද එහි වැඩ අවසන්ව ඇත්තේ 75%ක ප්‍රමාණයක් පමණි.
මෙම ඉදිකිරීම් කටයුතු අවසන් නොවීම හේතුවෙන් ගුවන්තොටුපොළ ඉදිකිරීමේ ඉදිරි කටයුතු ඇණ හිට ඇති අතර මේ හේතුවෙන් ගුවන්තොටුපළට දැඩි අලාභහානියක් සිදුවී ඇති බව ගුවන් තොටුපළ නිලධාරීන් ඇමැතිවරයාට පවසා තිබේ.
ඇමැති ප්‍රසන්න රණතුංග එහි දී අවධාරණය කර ඇත්තේ මැයි මස 31 වැනිදින වන විට ඉදිකිරීම් අනිවාරයයෙන්ම අවසන් කළ යුතු බවත් මෙම ප්‍රමාදය නිසා ගුවන්තොටුපළට සිදුවන පාඩුව සමාගමෙන් අයකරගන්නා බවත්ය.
