කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව දැඩි කරයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවදානය යොමු කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කරයි.
ඒ අනුව අද දින උදෑසන 10.00 සිට ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති අතර උදෑසන ගුවන් තොටුපළ අවට පල්ලි කීපයකට බෝම්බ ප්‍රහාර එල්ල වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් හැර වෙනත් කිසිවෙකු ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ඇතුළු කර නොගන්නා බවත් එසේ පැමිණෙන මගීන් සහ ඔවුන් රැගෙන එන ගමන් මලු ද දැඩි පරීක්ෂාවකට ලක් කරන බවත් ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.