කටුනායක යළිත් අමුත්තන්ට විවෘතයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යළිත් අමුත්තන් සඳහා හෙට (06) දින උදෑසන සිට විවෘත කර ඇත.
ගුවන් තොටුපළ තුළට පැමිණීමේ සහ පිටත්වීමේ පර්යන්ත වල ඇති ලොබි ශාලා වෙත එක් ගුවන් මගියෙකු සමඟ එක් අමුත්තෙකුට පමණක් ඒ අනුව පැමිණිය හැකිය.
රුපියල් 300 ක ප්‍රවේශ පත්‍රයක් ඒ සඳහා මිලදී ගත යුතු අතර එම ප්‍රවේශ පත්‍ර කවුළු ද හෙට උදෑසන සිට විවෘතව පවතී.
