News

කඩවත කොස්තාපල් පැහැරගෙන ගොස් මරා දමයි

කිරිබත්ගොඩින් පැහැරගෙන ගොස් කුලියාපිටියේ කැලෑවකදී ඝාතනය කළ බව කියන පොලිස් කොස්තාපල් රියැදුරකුගේ මළ සිරුර සොයා ඊයේ (17 වැනිදා) දවස පුරා මෙහෙයුම් ක්‍රියාත්මක විය.

හෙරොයින් ජාවාරම්කාරියක සමග අනියම් පෙමක වෙළුණ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා පෙරේදා (16 වැනිදා) පොලිස් බැරක්කයේ සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස් මෙලෙස ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස පොලිස් කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් ඝාතනය කර ඇත්තේ කුඩු ජාවාරම්කාරියගේ පුත්‍රයා බවට තොරතුරු ලැබී ඇත.

මෙම සිදුවීමෙන් පසු ඔහු අතුරුදන්ව තිබේ.

කඩවත පොලිසියට අනුයුක්තව රාජකාරි කළ මෙම පොලිස් කොස්තාපල් රියැදුරා වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවකි.

හේමන්ත ලියනපතිරණ