News

කඩවත ප්‍රධාන නල මාර්ගයකට හානි – ප්‍රදේශ රැසකට ජලය නැහැ

ගම්පහ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය සදහන් කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ කඩවත පිටත වටරවුම් මාර්ගයේ ඉදිකිරීමක් හේතුවෙන් ප්‍රධාන නල මාර්ගයකට හානි සිදුව ඇති බවයි.

ඒ අනුව, කටුනායක, සීදූව, ජා-ඇල නගර සභා බල ප්‍රදේශය, ජා ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, මාබෝල ප්‍රදේශය, වැලිසර කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, බුළුගහගොඩ, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම්, පොල්ගහහේන, බෝයිස්ටවුන් යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ.