News

කඩු 6000 සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්

කඩු 6000 සිද්ධිය විමර්ශනයට පොලිස් කණ්ඩායම් දෙකක්

කඩු 6000ක් මෙරටට ආනයනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබෙන බව නීතිපතිවරයා අද අභියචානාධිකරණයට දැනුම් දී ඇත.

නඩු ගොනුව අද දින කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පැවසුවේ පොලිස්පතිවරයා ලිඛිතව මේබව දැනුම් දී ඇති බවය.

එසේම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තැප්‍රොබේන් ආපන ශාලාවේදී 2019 අප්‍රේල් 21 වැනිදා මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගත් මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ අවශ්‍යතාව අනුව මෙම කඩු ආනයනය කර ඇති බව අභියාචනාධිකරණය හමුවට ගොනු කළ නඩුවේ සඳහන් ය.

ඒ අනුව, එම නඩුව තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අධිකරණයට දැනුවත් කිරීම සඳහා එම නඩුව යළි මැයි 06 වැනිදා කැඳවීමට අභියානාධිකරණයේ සභාපති අර්ජුන ඔබේසේකර හා මායාදුන්නේ කොරයා යන විනිසුරුවරුන් නියෝග කර තිබේ.