කඩොලාන කැපූ තිදෙනෙක් නාවික හමුදා බාරයට
මන්නාරම, තිරුකේතීෂ්වරම් කලපු ප්රදේශයේ කඩොලාන ශාක කපමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් වැටලීමකදී නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.
නාවික හමුදා බාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 31ත් 42ත් අතර වයස් වල පසුවන මන්නාරම ප්රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගන්නා ලද අතර, එම පුද්ගලයින්, ධීවර යාත්රාව සහ පිටක දහන යන්ත්රය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරීම සඳහා මඩු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කර ඇත.
ඔවුන් සතුව තිබූ කඩොලාන ශාක කැපීමට යොදා ගන්නා ලද පිහියක් (01) ක්, ධීවර යාත්රාවක් සහ පිටත දහන යන්ත්රයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
