නවතම ප්‍රවෘත්ති

කතරගම මහා දේවාලය මහා ණය අර්බුධයක

කතරගම මහා දේවාලයේ හිටපු බස්නායක නිළමේවරයා කතරගම පෙරහැර පැවැත්වීමට බැංකුවකින් ලබා ගත් රුපියල් ලක්ෂ 168ක ණය මුදලක් ගෙවා ගැනීමට නොහැකිව දේවාලයේ වත්මන් පාලනාධිකාරිය දැඩි අර්බුධයකට ලක්වී ඇතැයි වාර්තා වේ.

හිටපු බස්නායක නිලමේ ඩී ,පී කුමාරගේ මහතා මෙම ණය මුදල ලබා ගෙන ඇති අතර අදාළ ණය මුදල සත්‍ය වශයෙන්ම කතරගම පෙරහැරේ අවශ්‍යතා සඳහා ගත් ණය මුදලක් ද යන්න මෙතෙක් තහවුරු වී නැත.

කුමාරසිංහ මහතාට විරුද්ධව එල්ලවූ වංචා හා දුෂණ චෝදනා පිළිබඳ විමර්ශන අවසන් වනතෙක් ඔහුගේ බස්නායක නිළමේ තනතුර මේ වසරේ අප්‍රේල් 10 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටවනු ලැබු අතර තාවකාලිකව බස්නායක නිලමේ වශයෙන් දිල්රුවන් රාජපක්ෂ මහතා බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් පත් කෙරිණි.