කථානායකයට සහ එ.ජා.ප.යට එරෙහිව වවුනියාවේ මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයක
අරලියගහ මන්දිරයේ එක්සත් ජාතික පක්ෂය රැදී සිටීම සහ කථානායක කරූ ජයසූරිය මහතාගේ ක්‍රියා කළාපයට එරෙහිව වවුනියාව දකුණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් අද විරෝධතාවයක් නිරත වුණා.
ඒ එම ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදීයි.
විරෝධතාවයේ නියැලෙමින් ඔවුන් කියා සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට අරලියගහ මන්දිරය හැර යන ලෙසටත්, කථානායකවරයාට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසටයි.
මෙම විරෝධතාවයට ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් එක්ව සිටියා.
පෝස්ටර හා බැනර් ප්‍රදර්ශනය කරමින් අදාළ මන්ත්‍රීවරුන් විරෝධතාවයට එක්ව සිටි අතර, අදාළ පිරිස මීළඟ එක්සත් ජාතික පක්ෂ නායකත්වය අනුරට යනුවෙන්ද පෝස්ටර ප්‍රදර්ශනය කර තිබුණා.