News

කනගරායන්කුලම හෝටලයක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනියි

වවුනියාව කනගරායන්කුලම ප්‍රදේශයේ දුර ගමන් බස් රථ නවතනු ලබන මුස්ලිම් හෝටයක තිබි බෝම්බ හා පතුරම් තොගයක් ඊයේ (29) සවස සොයාගත් බව වවුනියාව කනගරායන්කුලම ආරක්ෂක අංශ පවසයි.

ආරක්ෂක අංශ පැවසුවේ පොලිස් හා යුධ හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත යාපනය නුවර ප්‍රධාන මාර්ගයේ කනගරායන්කුලම ප්‍රදේශයේ පවතින මුස්ලිම් ජාති‍කයෙකුට අයත් හෝටලක වළ දමා තිබු අදාළ පුපුරණ ද්‍රව්‍ය එලෙස ‍සොයාගෙන ඇති බවයි.

පීඩන බෝම්බ 03 ක්,ආර්.පි.ජි.උණ්ඩයක් හා පතුරම් කිහිපයක් එලෙස සොයාගෙන ඇති බවද ආරක්ෂක අංශ සඳහන් කරති.

අදාළ පුපුරණ ද්‍රව්‍ය පැරණි තත්වයේ පවතින බවත් හෝටල් හිමිකරු අදාළ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගනු ලැබුවේ කුමන කාරණාවකටද යන වග සොයා පරීක්ෂණ පවත්වන බවද ආරක්ෂක අංශ පැවසූහ.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය හා හෝටලයේ හිමිකරු කනගරායන්කුලම පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.