කංජිපානි ඉම්රාන් ලබන 15 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ නියෝගයකට අනුව ලබන 15 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඒ කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්ත නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ය.
මත්ද්‍රව්‍ය සම්බන්ධ වරදකට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මුදාහැරීම සඳහා කෙසෙල්වත්ත පොලිසියට අනුයුක්ත නිලධාරියෙකුට දුරකතනයෙන් මරණ තර්ජනය කළ බවට කංජිපානි ඉම්රාන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර
ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම චෝදනාවට මේ වනවිටත් ඔහු වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවම ලබා ඇත.
