News

කන්ජිපානි ඉම්රාන්ව මාස 03ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කන්ජිපානි ඉම්රාන් මාස 03ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අධිකරණය අවසර ලබා දී ඇත.

එම කොට්ඨාශයේ නිළධාරීන් විසින් ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (30) දහවල් ඉදිරිපත් කර ඇත.

එහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කන්ජිපානි ඉම්රාන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන් බව වාර්තා වන අතර මාකඳුරේ මදුෂ් සමඟ සිටියදී ඩුබායිහිදී අත්අඩංගුවට ගත් කන්ජිපානි ඉම්රාන් එරටින් පිටුවහල් කල පසු 28 වනදා ඔහු ඇතුළු සිව් දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.