කරච්චි ප්‍රාදේශීය සභාව තුවක්කු මිළදි ගනීී
කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය සභාව ප්‍රාදේශීය සභාව වෙනුවෙන් වායු රයිෆල් තුවක්කු දෙකක් මිළදි ගෙන ඇති බව ප්‍රාදේශීය සභා නිළධාරීන් පවසති.
ප්‍රාදේශීය සභා නිළධාරීන් පැවසූවේ දිගින් දිගටම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසල් හා නිවාස වෙත වදුරන්ගෙන් සිදුවන හානිය අවම කිරීම වෙනුවෙන් ආදාළ වායු රයිෆල් වර්ගයේ තුවක්කු මිළදි ගෙන ඇති බවයි.
පසුගිය ප්‍රාදේශීය සභා සභාවාරයන්හිදි ප්‍රාදේශීය සභාව ප්‍රදේශයේ වදුරන්ගෙන් සිදුවන හානිය අවම කිරීමට කිසිවක් නොකරන බවට ප්‍රාදේශීය සභාවට එල්ල වු චෝදනා මත අදාළ වායු රයිෆල් මිළදි ගෙන ඇති බවයි.
ඉදිරියේදී ප්‍රදේශයේ පාසල් වෙත හා නිවාස වෙත වදුරන්ගෙන් සිදුවන හානිය අවම කිරීමට කටයුතු කරන බවද ප්‍රාදේශීය සභා නිළධාරීන් පැවසීය.
වවුනියාව – මාධව කුලසූරිය