කරන්නාගොඩ ඇතුලූ 06කට නඩු දමන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි
තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නේවි සම්පත් හෙවත් සම්පත් නිලන්ත මුණසිංහ ඇතුලූ හයදෙනා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද නියෝග කළේය.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර අධිකරණයට දැනුම් දුන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ඇතුලූ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනුකර කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගන්නා බව වන අතර තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන්නැයි ඉල්ලා හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මේ වනවිට මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද ගොනුකර ඇත.