නවතම ප්‍රවෘත්ති

කල්පිටියේ දී ධීවර පිරිසකට පහරදුන්නැයි නාවික හමුදාවේ දස දෙනෙක් අත්අඩංගුවට

කල්පිටිය – කීරමුන්දල් දූපතේදී ධීවරයින් පිරිසකට පහර දුන් බව කියන නාවුක හමුදාවේ අනු ඛණ්ඩ නිලධාරි‍යකු ඇතුළු සෙබළු දස දෙනකු කල්පිටිය පොලීසිය මගින් අද (17වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස කල්පිටිය විජය නාවුක හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ පිරිසක් බව අනාවරණය වී තිබේ.

පසුගිය 14 වැනිදා මෙම පහර දීම සිදුවී ඇති අතර  පහර කෑමට ලක්වූ බව කියන ධීවරයින් 05 දෙනකු කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇති අනු ඛණ්ඩ නිලධාරියා සහ සෙබළුන් 09 දෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  කල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.