කල් ඉකුත් වන රියදුරු බලපත්වල කාලය දිගු කරයි
මාර්තු 16 වනදා සිට අප්‍රේල් 15 වනදා දක්වා කාලය තුල අවලංගු වන රියදුරු බලපත්වල වලංගු භාවය ලබන ජුනි 30 වනදා දක්වා දීර්ඝ කර තිඛේ.
අදාල කාලය දීරඝ කරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරිමටයි ප්‍රවාහන අමාත්‍යංශය පියවර ඇත්තේ.
කොරෝනා වෛරසය මෙරට තුල ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් රියදුරු බලපත් ලබා ගැනිමේ පරීක්ෂණ කල් දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණා.
