News

කසල ගොඩකට ගිනි තැබූ මන්ත්‍රීවරයා පිලිස්සී රෝහලේ

මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු කසළ ගොඩකට ගිනි අවුලමින් සිටියදී සිරුරට ගිනි ඇවිලීමෙන් අධික ලෙස පිළිස්සුම් තුවාල ලබා මීගහකිවුල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත.

ඩි. ආර්. සී දිසානායක නමැති වයස අවුරුදු 36ක් වූ එම මන්ත්‍රීවරයා මීගහකිවුල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.

එම මන්ත්‍රීවරයා තුවාල ලබා ඇත්තේ තම කුඹුරේ තිබූ කසළ ගොඩකට ගිනි තැබූ අවස්ථාවේ අනෙක් අතේ තිබූ පෙට්‍රල් බෝතලයට එකවරම ගිනි ඇවිලීමෙනි. තුවාල ලැබූ මන්ත්‍රීවරගේ මුහුණ දෑත් දෙපා ඇතුලු ස්ථාන රැසකට පිළීස්සුම් තුවාල සිදුව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.