News

කසළවලින් මෙගාවොට් 10ක විදුලිය

බස්නාහිර පළාතේ කැළි කසළ ගැටලුවලට තිරසර විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙය ක්‍රියාත්මකය.

ඝන අපද්‍රව්‍ය යොදාගෙන නිපදවන මෙගාවොට් 10ක විදුලිය මැයි මාසයේ සිට ලබා ගැනීමට විදුලි බල අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මෙයින්ද ඒ අනුව කෙරවළපිටිය නාගරික ඝන අපද්‍රව්‍ය ආශ්‍රිතව විදුලි ජනනය කිරීමේ ව්‍යාපෘතිය පෞද්ගලික සමාගමක් විසින් ආරම්භ කර ඇති අතර, එමගින් නිපදවන විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර තිබේ.

මෙම විදුලි බලාගාරය ඉදිකිරීම් කටයුතු දැනට අවසන්ව ඇත.

කොළඹ නගර සීමාවේ පමණක් දිනකට කසළ ටොන් 550-600 අතර ප්‍රමාණයක් එකතු වේ. මෙමගින් විදුලිය නිපදවීම සඳහා දිනකට අවශ්‍ය කසළ ප්‍රමාණය ටොන් 1000කි.

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ඝන අපද්‍රව්‍ය සියල්ලම ලබා ගැනීමට මේ වනවිටත් කොළඹ නගර සභාව හා පළාත් නාගරික අධිකාරිය සමග ගිවිසුම් ගත වී තිබේ.

නමුත් කොළඹ නගර සීමාවේ කැළි කසළ ඊට ප්‍රමාණවත් නොවන නිසා ගම්පහ හා මොරටුව නාගරික බලප්‍රදේශවලින් තවත් කැළි කසළ ටොන් 400ක් ලබා ගැනීමට නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය හා අනෙකුත් ආයතන සමග ගිවිසුම් ගතවීමටද නියමිතය.