කහ උණ එන්නත රට යන අයට වැට බඳී
පිටරටවල් සඳහා පිටත්ව යාමේදී ලබාදෙන ප්‍රතිශක්ති එන්නතක් වන කහ උණ සඳහා (යෙලෝ ෆිවර්) yellow fever ලබාදෙන එන්නත් නොමැති වීමෙන් විදෙස්ගත වීමට නියමිත රජයේ සේවකයින් බොහෝමයකට ගැටලු මතුවී ඇතැයි වාර්තා වේ.
නිර්දේශ කර ඇති රටවල් සඳහා වීසා අයැදුම්පත් කිරීමේදී අදාළ එන්නත ලබාගැනීම අනිවාර්ය වී ඇති අතර තෝරා ගත් රජයේ රෝහල් කිහිපයක පමණක් එම එන්නත ලබාගැනීමේ පහසුකම තිබේ. පසුගිය කාලයේ එම එන්නත ඇනවුම් නොකිරීම නිසා මෙම තත්ත්වය උදාවී ඇත.
මධුභාෂණ හේරත්