News

කළුතරට ප්‍රදේශ කිහිපයකට පස්වරු 03 වන තෙක් ජලය අත්හිටුවයි

කළුතර, කෙත්හේන ජල පවිත්‍රාගාරයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් බිඳ වැටීම හේතුවෙන් බෙන්තොට සිට වාද්දුව දක්වා එම පවිත්‍රාගාරයෙන් ජලය බෙදාහැරෙන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවා ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව බෙන්තොට, වාද්දුව, කළුතර උතුර සහ දකුණ, මග්ගොන, බේරුවල, අලූත්ගම, පයාගල, දර්ගා නගරය යන ප්‍රදේශවලට අද පස්වරු 03 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇත.