News

කළුතරදී දුම්රියක් පීළි පනී – මුහුදුබඩ මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාදයි

කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීළි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාද වන බව පාලක මැදිරිය පවසනවා.

ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 320 දරණ දුම්රිය මෙලෙස පීලිපැනීමකට ලක්ව ඇති බවයි එහි නිලධාරියෙකු සදහන් කළේ.

මේ හේතුවෙන් වාද්දුව හා කළුතර දකුණ අතර කිසිදු දුම්රියක් ධාවනය නොවනු ඇති.

දුම්රිය පීළිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේ.