කළුතර උතුරේ වෙඩි තැබීමක් – එක් අයෙකුට තුවාල
කළුතර උතුර ගාලු පාර තොටුපල හංදිය අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පැවසුවේ ඊයේ රාත්රී 10.35ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.
මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගාලුපාරේ සිතුමිණ හෝටලය ඉදිරිපිට මාර්ගයේදී පුද්ගලයෙකුට වෙඩි තබා පලාගොස් තිබෙනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.
මෙම වෙඩි තැබීම සදහා පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඇති බවත්, කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් සිදුකළ මූලික විමර්ශනයේද අනාවරණය වී තිබෙනවා.
සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගැනීම සදහා කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.