කළුතර උතුරේ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
කළුතර උතුර ගාලු පාර තොටුපොළ හන්දිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද අළුයම පායාගල ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම වෙඩි තැබීම සිදුකිරීම භාවිතා කළ ගිනිඅවියද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් හටගත් ආරවුලක් මත මෙම වෙඩි තැබීම කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 57 හැවිරිදි පුද්ගලයා මේ වනවිට කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබනවා.