කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි
කළුතර ප්‍රදේශ කිහිපයකට ජලය සැපයුම අත්හිටුවා තිබේ.
ජල සම්පාන හා ජලපවාහන මණ්ඩලය සදහන් කළේ කෙත්හේන ජල පවිත්‍රාගාරයේ විදුලිය සපයන ට්‍රාන්ස්පෝමරයක සිදුවූ හදිසි බිද වැටීමක් බවයි.
මේ හේතුවෙන් පයාගල, මීරිවෙල, කළුවාමෝදර ,මොරගල්ල, අළුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවා තිබේ.
අද මධ්‍යම රාත්‍රිය දක්වා ඉහත සදහන් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජල සම්පාන හා ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් සදහන් කළේය.
