News

කළුතර ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා(09) මධ්‍යම රාත්‍රී 12 සිට පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, නාගොඩ, කළුතර උතුර සහ දකුණ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලැබේ.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කරයි.