News

කළුතර ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හෙට පෙරවරු 8.00 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ, මොරොන්තුඩුව, කළුතර උතුර, කළුතර දකුණ යන ප්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කිරිමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.