කළුතර ප්රදේශ රැසකට හෙට උදෑසන 8 සිට ජලසැපයුම අත්හිටුවයි
කළුතර ප්රදේශ රැසකට හෙට (08) දිනයේ පෙරවරු 8.00 සිට රාත්රී 8.30 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීම සිදුව ඇති බව එම මණ්ඩලය සදහන් කළේය.
ඒ අනුව කළුතර උතුර, කළුතර දකුණ, වාද්දුව, වස්කඩුව, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, අලුත්ගම, බෙන්තොට, බේරුවල, අලුත්ගම, දර්ගා නගරය හා බෙන්තොට යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.