News

කළුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිට වසර 5ක සිර දඬුවමක්

අල්ලස් චෝදනාවකට වැරදිකරු වු කළුතර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතාට වසර 05 ක සිර දඬුවමක් අද (07) කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

වෙන්දේසි ඉඩමකට ප්‍රවේශ වන මාර්ගයක තිබු කුඹුරක් මැදින් මාර්ගයක් සකස් කර දීමට රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ලබා ගැනීමේ සිදුවීමකට මීට වසර 05 කට පමණ පෙර හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණා.

හිටපු සභාපතිවරයා මෙම සිදුවීමෙන් පසු ඇප මත සිටි අතර ඔහු මේ වන විට කළුතර ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනු ලබනවා.