කළු කොඩි කළුපටි ගෙන හබරාදුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරු විරෝධතාවයක
හබරාදුව ප්‍රාදේශිය සභාවේ අද 19 වන දින එජාප මන්ත්‍රිවරු කළුපටිබැද සටන්පාඨ ලියන ලද පොස්ටර් අත ඇතිව, සභාවට පැමිණිමත් සමඟම සභාවේ උණුසුම් කාරිතත්ත්වයක් ඇති වුහ.
මෙම අවස්ථාව වන විට, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානාගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සභා රැස්වීම පැවැත්වෙමින් තිබිණි.
මෙහි දී මෙම විරෝධතාවයට සහයෝගය දෙමින් ජවිපෙ දෙදෙනාද විරෝධතාවයට එක්වුහ. ඉන්පසුව, අද පවත්වන සභාව වර්ජනය කරන බව කියමින් හබරාදුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක් ලයනල් ඉපලවත්ත මහතා කීවේ ජනපතිවරයා විසින් ප්රජාතන්ත්ර විරෝධීව හා ව්‍යවස්ථා විරෝධිව හා මහින්ද රාපක්ෂ මහතා අගමැති ධූරයට පත් කරමින් හා පසුව, පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් සිදුකළ ක්‍රියාව භෙලා දකින බව කියමින් විරෝධතා දැක්විමත් සමඟම හබරාදුව ප්‍රාදේශිය සභාවේ පාලක ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිවරු විරෝධය ප්‍රකාශ කිරිමක් සමඟම සභාවේ ඇතිවුයේ ගාලගෝටිටියකි.
මෙහි දී තවදුරටත්කතා කළ ලයනල් ඉපලවත්ත මහතා අද 19 දින අප විරෝධතාවය පල කරන්නේ ජනාධිපති වරයාගේ ප්රජාතන්ත්ර විරෝධී වැඩ පිළිවලට බවත්, එසේ නොමැතිව, 2019 සභාවේ අයවැය ලේඛනයට නොවන බවද හෙතෙම කීය.
ඉන්අනතුරුව,විරෝධතා ප්‍රකාශ කරමින් එජාප හා ජවිපෙ මන්ත්‍රිවරු හබරාදුව ප්‍රාදේශිය සභාවෙන් බැහැරව ගියහ.මෙම අවස්ථාවේ දී සභාවේ ඇතිවුයේ ගාලගෝට්ටියකි.
මෙහි දී 2019 අයවැය ලේඛනය හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා ඉදිරිපත් කළේය.එම අයවැය ලේඛණය ඒකමතිකව සම්මත වුහ.අයවැය ලේඛනයට පක්ෂ ශ්‍රි ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රිවරු 15දෙනා ද, මෙම අවස්ථාවේ සභාවේ සිටි එජනිස මන්ත්‍රිවරු දෙදෙනෙක්ද, චන්දය ප්‍රකාශ කළහ.එජාප මන්ත්‍රිවරු හයදෙනා ද, ජවිපෙ මන්ත්‍රිවරු දෙදෙනාද එම අවස්ථාව වන විට සභාවේ නොසිටියහ.මෙම අවස්ථාව වනවිට එජනිස තවත් මන්ත්‍රිවරු දෙදෙනෙක් සභාවට පැමිනි සිටියේ නැත.