ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරියක්
ක්ෂුද්‍ර මූල්‍ය පනතේ අඩුපාඩු සහ පාරිභෝගික ගැටලු, අධික ණය ගැති බව, ඉහළ පොලී අනුපාත වැනි ගැටලු හේතුවෙන් පනත සංශෝධනය කර ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත. ක්ෂුද්‍ර මූල්‍ය පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීමත්, ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ මුදල් ණයට දීමේ ව්‍යාපාර පනතෙන් ඉවත් කිරීමත්, ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය සම්බන්ධ තොරතුරු එකකු කිරීමට පනතෙන් ලබාදී ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීමත් නිසා අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කරයි.
ඒ අනුව 2016 අංක 06 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත සංශෝධනය කළ යුතු බව මුදල් අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට වාර්තා කර තිබේ. මේ අතර ක්ෂුද්‍ර මූල්‍ය පනතෙන් පීඩා විඳි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ උපවාසයකද නිරත වෙති.
උදයජීව ඒකනායක